විධාක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ආ යෝජනාව “බුදු සරණයි බෝඩ් එක ගහගෙන හොර හරක් අදිනවා වගේ වැඩක්” යැයි පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
හෙතෙම ඊයේ (16) මේ බව පැවසීය.
එම යෝජනාවේ ඉලක්කය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම නොව රනිල් වික්රමසිංහ මහතාට ඡන්දයෙන් ජනාධිපති ධූරයට පැමිණිය නොහැකි නිසා පස්සා දොරෙන් ජනාධිපති පුටුවට නැවත පැමිණීම බවත් මන්ත්රීවරයා කීය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ වචන 10ක් කථා කළොත් කියන්නේ එකතු වෙල්ලා වුවද ඒ අස්සේ ජනාධිපතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටි ක්රියාත්මක කරන බව කී ඩිලාන් පෙරේරා මහතා ඒ අතර හැම තැනටම ජනාධිපතිවරයා හෝ බැසිල් රාජපක්ෂ මහත්මයා කවුරු හෝ ඩීල්කාරයෙක් ඔබා ඇති බව ද සඳහන් කළේය.
ඩීල්කාරයො සජබෙ, නිදහස් ජනතා සභාව සහ උත්තර ලංකා සභාව ඇතුළු සෑම තැනම ඉන්නා බව කී ඩිලාන් පෙරේරා මහතා ඩීල්කාරයො එකමුතු වන සෑම අවස්ථාවකම එකමුතුව බෙදීම කරන බව ද කීය.