අගමැති රනිල් බැසිල් හමුවක්…! 21 ගැන අහද්දි විජේදාස බිම බලා ගනී…!

June 6, 2022 at 6:59 am | by emanisa.lk

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා තිබේ.

මේ සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද සහභාගී වී ඇත.

පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ශ්වයෙන් අග්‍රාමාත්‍යවරයාට එහි දී දැඩි විරෝධයක් එල්ල වී ඇත.

එම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂ වෙත ප්‍රකාශ කර ඇත්තේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන්ගේ නිර්මාණයක් නොවන බවය.

එම ප්‍රකාශයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දෙස බලා ඇති අතර විජේදාස රාජපක්ෂ බිම බලාගෙන ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *