හැමදාම 13 එල්ලි ලා ඉඳලා වැඩක් නෑ! අපි අලුත් ව්‍යවස්ථාවකට යන්න සූදානම්!

September 28, 2020 at 10:31 pm | by emanisa.lk

අලුත් ව්‍යස්ථාවක් ගෙන ඒම සිය ආණ්ඩුවේ එක් ප්‍රතිපත්තියක් බව ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

එහෙයින් ඉදිරි කාලයේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙහි එල්ලී නොසිට නව ව්‍යවස්ථාව වෙත යා යුතු බව හෙතෙම අවධාරණය කරයි.

2010 නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවස්ථාව තිබුණ ද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ සහාය ඊට නොලැබුණු බවත් ඇමතිවරයා පැවසුවේය.

එහෙත් මේ වන විට තරුණ දේශපාලකයන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පෙළ ගැසී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසම් සභාව සංවිධානය කළ නවක මන්ත්‍රීවරුන් සහභාගී වූ ප්‍රජාතන්ත්‍රය උදෙසා තාරුණ්‍යය සමුළුවකට එකතු වෙමින් ඇමති නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව