අද දහවල් හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොරෝනා ආසාදිත රෝගියෙකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 13 වන කොරෝනා ආසාදිත මරණයයි.
මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නාවිකයෙක් ලෙස සේවය කළ අයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බහරේන් සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සැප්තැම්බර් මස 02 වෙනිදාය. එම අවස්ථාවේදී ඔහු කොරෝනා රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරවාරයේ දී සැප්තැම්බර් මස 09 වෙනිදා හලාවත රෝහලට ඇතුලත් කොට ඇත.
මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධයක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.