හලාවත දී දරුවෙකුට කොවිඩ් එන්නත දුන් වෛද්‍යවරයාට මාරුවක්…!

August 26, 2021 at 8:31 pm | by emanisa.lk

හලාවත, කොක්කාවිල විදුහලේ දෙවන එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී අවු. 18 අඩු දරුවෙකුට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සම්බන්ධ වෛද්‍යවරායට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවකට ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අදාළ දැරියගේ පියා බව වාර්තා වෙයි.

සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වන තුරු දෙදෙනා ම පුත්තලම රෝහල වෙත මාරුකර යවා ඇතැයි පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු සඳහන් කළා ය.

එන්නත ලබා දුන් දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසු වන බව වාර්තා වෙයි. මෙරට අවු. 18ට අඩු දරුවන්ට එන්නත ලබා දීමට මෙතෙක් අනුමැතිය හිමිව නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *