ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂණයක් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තල නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙසනට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වූ බව ද වාර්තා වෙයි. එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.