හල්දුම්මුල්ල කඳු මුදුනේ ජලාශයක් ඉදිකරයි! කන්ද කඩා වැටේ යැයි මන්ත්‍රී විරෝධයක්!

November 11, 2020 at 12:13 pm | by emanisa.lk

හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශය වහාම නවත්වන ලෙස හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ඉල්ලා සිටිති.

පෞද්ගලික ආයතනයක් මෙම ජලාශය ඉදි කරමින් සිටින බව මන්ත්‍රීවරු පැවසූහ.

නායයාමේ අධි අවදානම් කලාපයක් ලෙස හල්දුම්මුල්ල නගරයට ඉහළ කඳු වැටිය හඳුන්වාදී ඇති බැවින්ම එම කඳු වැටිය මුදුනේ ජලාශයක් ඉදිකිරීම ඉතා අනතුරුදායක බවත් අක්කර කාලක පමණ ගල් පර්වතයක් සමග කඳුවැටියට පහළින් පිහිටි හල්දුම්මුල්ල නගරය මතට රූරා ඒමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඇති විය හැකි තත්ත්වය අමුතුවෙන් කීම අවශ්‍ය නොවන බවත් එම මන්ත්‍රීවරුන් වෙනුවෙන් අදහස් දැක්වූ ප්‍රාදේශීය  සභා මන්ත්‍රී අසංක සල්ගාදු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස