හර්ෂ කියන්නේ බොරු…! ලංකාව තනි කර නෑ..!- මාලේ හිටපු ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක්..

June 14, 2022 at 5:44 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසනවා.

ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවත් නුදුරේදීම එම සහායන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පසුගියදා සඳහන් කළේ, මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා සමඟ සිදුකල සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවට නිසි සැලසුමක් නොමැතිවීම හේතුවෙන් අනෙකුත් රටවල් උපකාර කිරීමට කැමැත්තක් නොදක්වන බවට ඔහු ප්‍රකාශ කළ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *