හර්ෂ එරාන් එක්ක නම් බෑ… සජිත් එක්ක විවාදෙකට සූදානම්..! – හඳුන්නෙත්ති…

April 3, 2024 at 9:42 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි සමගි ජන බලවේගයේ කිහිප දෙනෙක් ආරාධනා කර තිබූ බව කී සුනිල් හඳුන්නෙත්ති මහතා එම ආරාධනාව සතුටින් පිළිගන්නා බවද සඳහන් කළේය.

එම විවාදය වඩා ප්‍රතිඵලදායක වන්නට නම් මාධ්‍යවල කියවන්නේ නැතිව ලිඛිතව ආරාධනාවක් කරන්නැයි ඉල්ලා සිටින බව ද හඳුන්නෙත්ති මහතා කීය.

ජාතික ජන බලවේගයට විවාදයකට ආරාධනා කරන හර්ෂ, එරාන්, කබීර් වැනි අය කලින් කලට තැනින් තැන සිටින හෙයින් පක්ෂ දෙකේ නායකයන් වන අනුර සහ සජිත් සෘජුව විවාද කිරීම වඩා වැදගත් වන බව ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට එම විවාදයට එන්නට බැරි නම් ඒ බව ලිඛිතව දැනුම් දෙන්නැයි කී හඳුන්නෙත්ති මහතා ඉන් පසුව ඒ විවාදය කරන්නේ කෙසේදැයි කතා කර ගන්නට හැකියාව තිබෙන බව ද සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ පැලවත්ත කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *