ශ්‍රී ලංකා හමුදාව යැයි කියාගත් කඩු මුගුරු ගත් පාතාළයින් පිරිසක් අහිංසක අරගලකරුවන්ට පහර දුන් බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.
එහිමියන් චෝදනා කළේ, හමුදාව ගාලු මුවදොර වටලා ඇති බව දැනගත් තමන් රාත්‍රී නීතීිඥයකු සමග පැමිණි අවස්ථාවේ හමුදාව ඔහුට ප්‍රහාරයක් එල්ල කළ බවටයි.
එම හමුදා නිලධාරීන් කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කර සිහිවිකල්ව සිටි බව තමා වගකීමෙන් පවසන බවයි, ආනන්ද සාගර හිමි අවධාරණය කළේ.
එහෙයින් මෙම හමුදාවට එරෙහිව ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව ද හිමියන් ප්‍රකාශ කළහ.