හමුදාවෙන් අක්කර 180ක කාබනික කුඹුරක්..! වස විස නැති රන් අස්වනු කපයි…!

January 27, 2022 at 1:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා යුධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් කාබනික පොහොර භාවිත කර විශාල කුඹුරක් වගා කර තිබේ.

කන්දකාඩු යුද හමුදා ගොවිපළට අයත් අක්කර 180ක භූමි ප්‍රමාණයක මෙලෙස රසායනික පොහොර, වල් නාශක, කෘමිනාශක නොමැතිව කුඹුරු යායක් සාර්ථක ලෙස අස්වද්දා ඇත.

එම කුඹුරු යායේ අස්වනු නෙළීම පසුගිය 24 වෙනිදා 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශුසම්පත් බලකායේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් ඩී.එල්.සී.එන්. මුත්තන්තිරිගේ ප්‍රමුඛ භට පිරිස සිදු කළහ.

එහි දී හෙළ සිරිතට මුල් තැන දෙමින් චාරිත්‍රානුකූල වත්පිළිවෙත් ඉටු කරමින් අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *