හමුදාපති ශවේන්ද්‍ර ආරක්ෂක ලේකම් කමල් දඩයමට බැෂලේ දැල එළයි….! විදෙස් පර්යේෂණ කණ්ඩායම් උතුරට….! ඩොලර් මිලියන 2.8ක් වියදමට…!

March 27, 2021 at 12:10 pm | by emanisa.lk

යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු හමුදා නිලධාරීන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ගැන පරීක්‍ෂණ පැවැත්වීමට සහ නීතිමය පියවර ගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පරීක්‍ෂණ කිරීමට නීති උපදේශක කණ්ඩායමක් පත් කිරීමට තීරණය කර ඇත.

යුද අපරාධ පිළිබඳව උතුරට ගොස් සාක්‍ෂි ලබාගැනීම සඳහා එම පරීක්‍ෂණ කණ්ඩායමට ශ‍්‍රී ලංකාවට තෙවරක් ඒමට රජයේ අවසර ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ එම පරීක්‍ෂකයන්ට මෙරටට ඒමට අවසරදීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැත. මෙම පරීක්‍ෂණ කටයුතු සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඩොලර් මිලියන 2.8 ක් ලබාගෙන ඇත.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව දියත් කර ඇති මුල්ම ජාත්‍යන්තර යාන්ත‍්‍රණය මෙම ක‍්‍රියාවලියයි.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *