කමල්-ශවේන්ද්‍ර වටලන්න ගොස් මානව හිමිකම් ලොක්කි මිෂෙල් ඇනගනී….!

January 30, 2021 at 8:13 pm | by emanisa.lk

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙයට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කර නොතිබීමයි.
ජාත්‍යන්තර අධිකරණයේ ආරංචි මාර්ග ඊයේ (29 ) පැවසුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මිස මානව හිමිකම් කොමසාරිස්වරියට ඒ සඳහා බලයක් නැති බවයි.

මේ අතර මාර්තු මස ආරම්භ වන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමු කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඡන්ද විමසීමක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *