හම්බන්තොට වරාය පුරයට මෙට්ට කම්හලක්…!

December 20, 2024 at 4:41 pm | by emanisa.lk

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආශ්‍රිත කාර්මික උද්‍යානයේ ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය කිරීමේ ජාත්‍යන්තර කර්මාන්තශාලාවක් ආරම්භ කිරීම සඳහා අදාළ ගිවිසුම් අත්සන් කර තිබේ.

වර්ග මීටර 62000 පමණ වපසරියකින් යුතු මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදිත මෙට්ට ඇමෙරිකාව, යුරෝපය සහ කැනඩාව ඇතුළු රටවලට අපනයනය කරයි.

කර්මාන්තශාලව ඉදිකිරිම සඳහා වූ අදාළ ගිවිසුම හම්බන්තොට ජාත්‍යන්තර වරාය කළමනාකාරීත්වය සහ කොම්පෝට් මෙට්ට්‍රස් ලංකා පුද්ගලික සමාගම සමඟ අත්සන් කිරීම පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දී සිදු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *