තවත් ෆයිසර් එන්නත් ලක්ෂයක් ලංකාවට එයි…!

August 16, 2021 at 10:50 am | by emanisa.lk

මෙරට එන්නත්කරණ වැඩසටහන සදහා යොදා ගැනීමට ශ්‍රී ලංකාව මිළදී ගත්, ” ෆයිසර් ” එන්නත්, තවත් මාත්‍රා ලක්ෂයක් අද අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය.

මෙම එන්නත් කිලෝ ග්රැම් 460 ක් බරැති,පෙට්ටි 13 තුළ අසුරා තිබුණි .

මුලින්ම මෙම එන්නත් නෙදර්ලන්තයේ , ඇමස්ටර්ඩෑම් නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් තිබුණි.

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අලුයම 02.35 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *