හතර වරම් දෙයියන්ගේ පිහිටෙන් ඇවිත් පක්ෂ නායකත්වය භාර ගන්න…! – රනිල්ගෙන් තරුණයින්ට ඇරයුම්….

September 5, 2021 at 9:53 pm | by emanisa.lk

සියලු ජන කොටස් එක්සත් කරන ඒකීය ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

තමන් රට ආරක්ෂා කොට දියුණුවේ මාවතට යොමු කළ ද මේ වන විට රට අගාධයක සිරව ඇතැයි රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

ආර්ථික හා දේශපාලන ව්‍යසනයෙන් රට බේරා ගෙන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කරගන්නේ කෙසේ ද යන්න බවත් එජාප නායකයා පෙන්වා දෙයි.

සතර වරම් දෙවියන්ගේ ආශිර්වාදය ඇතිව පක්ෂ නායකත්වය ගැනීමට පැමිණෙන ලෙස රටේ තරුණ පරපුරට ඇරයුම් කළ රනිල් වික්‍රමසිංහ එවිට සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව නිතැතින් ම ලැබෙනු ඇති බවත් අවධාරණය කළේ ය.

එක්සත් ජාතික පක්ෂ 75 වන සංවත්සරය අමතමින් හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස