හඩ්සන් සමරසිංහ හතර වෙනි වතාවටත් ගුවන්විදුලි මහ පුටුවට….!

June 30, 2021 at 5:36 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත. ඔහු අද (30) යළිත් එම ධූරයේ වැඩභාරගත්තේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

හඩ්සන් සමරසිංහ 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි. එහි සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාසගේ රජය යටතේය. ඔහු 1991 දී එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට ද පත්විය.

2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්‍ෂ විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය. ඒ අනුව මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *