සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා IDH දැඩි සත්කාර ඒකකයට…!

January 29, 2021 at 8:30 am | by emanisa.lk

කොවිඩ් ආසාදිතයකු වන සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (28) රාත්‍රියේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඇය ඊයේ රාත්‍රියේ අයි.ඩී.එච්. රෝහලට මාරු කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනා ​ ගැනීමෙන් පසු ඇය හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටියාය.

පසුව ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කරනු ලැබුවේ ඊයේ (28) පෙරවරුවේ ය. අනතුරුව මෙසේ අයි.ඩී.එච් රෝහලට මාරු කරන ලදී.

කෙසේ වෙතත් ඇයගේ ස්වාමි පුරුෂයා හා දියණිය කොළඹ ජාතික රෝහලේදී දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කර ඇතත් ඔවුන්ට කොවිඩ් වැළඳී නැති බව ද තහවුරු වී ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *