සෞඛ්‍ය අංශ රට පුරා එන්නත් ජාවාරමක…! ෆයිසර් එන්නත් ලබා දීමේ පූර්ණ බලය හමුදාවට…!

August 29, 2021 at 7:14 am | by emanisa.lk

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නත ලබාදීමේ පූර්ණ බලය යුද හමුදාව වෙත පවරා තිබේ.

මීට ඉහත දී ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත් විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයන්ට ලබාදී තිබිණි.

එලෙස එන්නත ලබා දී ඇති පුද්ගලයන්ගේ තොරතුරු ද හිතාමතාම ලේඛණවලට ද ඇතුළත් කර නොමැති බව ද හෙළි වී ඇත.

සෞඛ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ පුත්තලම දිස්ත්‍රික්කයේ ෆයිසර් එන්නත ලබාදුන් මධ්‍යස්ථානයක දී ද පිටස්තර පුද්ගලයන්ට එම එන්නත ලබාදී තිබිණි.

මින් ඉදිරියට ෆයිසර් එන්නත යුද හමුදාවේ මූලිකත්වයෙන් අදාළ පුද්ගලයන්ට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එන්නත ලබාදෙන නිසි ක්‍රමවේදයෙන් බැහැරව සහ එම එන්නත ලබා ගැනීමට සුදුසුකම් නොලබන කිසිදු පුද්ගලයෙකු ෆයිසර් එන්නත ලබානොදෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ ද කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් ලක්‍ෂයක් දිවයිනට හිමි වුණා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස