පරිසර විනාශය පිළිබඳ සමාජ මාධ්‍යවල පළ කරන තොරතුරුවල ඇත්ත නැත්ත නිරීක්ෂණය කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් නව ඒකකයක් පිහිටුවීමට නියමිතව ඇත.
මෙම කාර්යය ඉටු කිරීම සඳහා ‘පරිසර නිලධාරීන්’ 323 ක් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් බඳවා ගනු ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කොට ඇත.
අසත්‍ය තොරතුරු පළ කරන අයට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන අතර යම් හානියක් සිදුව ඊට වගකිව යුතු අයට එරෙහිව පියවර ගැනීම සඳහා නිවැරදි තොරතුරු අදාළ අංශ වෙත යොමු කරන බව ඔහු පැවසීය.
වනාන්තර එළි පෙහෙළි කිරීම, නීති විරෝධී පතල් කැණීම්, නීති විරෝධී ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින බැවින් මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසීය.