ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබා ගත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග යළි කිසිදු දේශපාලන ගනුදෙනුවක් සිදු නොකිරීමට පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කොට ඇත.
ඒ අනුව ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්තට ආරාධනා නොකරනු ඇත.
අධ්‍යාපන අමාත්‍ය ධූරය බාර ගැනීමෙන් පසු සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත කටයුතු කිරීම ඊට හේතුව බව ඔවුහු පවසති. කෙසේ වුව ද ඇමැති ධූරයක් භාරගත් ආචාර්ය විජේදාස රාජපක්ෂ පිළිබඳ මෙතෙක් එවැනි තීන්දුවක් ගෙන නොමැත.