විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජිතයන් පෙරේදා (27) රාත්‍රියේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සාකච්ජාවක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හමුව සංවිධාන කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසිනි.
රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විසදුම් සෙවීම සදහා සම්මන්ත්‍රණයක් ලෙස මෙම හමුව පැවැත්වී ඇති අතර ඊට කථිකයන් කිහිප දෙනකු සදහා ආරාධනා කිරීමටද පියවර ගෙන ඇත.
ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රනිල් වික්‍රමසිංහ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන්, ගජන් පොන්නම්බලම් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත. හරිනි අමරසූරිය අන්තර්ජාලය ඔස්සේ සාකච්ජාවට සම්බන්ධ වී තිබේ.
මීට අමතරව සාකච්ජාවේ ආරාධිත කථිකයන් ලෙස ආචාර්ය ශාන්ත දේවරාජන්, ආචාර්ය රොෂාන් පෙරේරා, ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක, ආචාර්ය නිෂාන් ඩි මෙල්, ආචාර්ය රාම් මාණික්කලිංගම් සහභාගී වී තිබේ.