සුභූතිවංස හිමිගේ අභාවයෙන් නැඟෙනහිර හඬා වැටේ! හිමි වෙනුවෙන් සිංහල-මුස්ලිම් සැම එකතු වෙති!

December 26, 2020 at 9:02 pm | by emanisa.lk

උතුරු නැගෙනහිර ශාසනික, ජාතික අභිවෘද්ධිය උදෙසා සුවිශාල මෙහෙවරක යෙදෙන අරිසිමලේ ආරණ්‍ය සේනාසන සංචිතයේ සේනාසනාධිපති පුජ්‍ය පනාමුරේ තිලකවංශ නාහිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය එළගම්මිල්ලව සුභූතිවංස හිමිගේ හදිසි අපවත් වීම පසුගියදා වාර්තා විය.

සිංහල ජනතාව අඩු නැගෙනහිර පළාතේ ශාසනික අභිවෘද්ධිය ඇති කරමින්, ජාතීන් අතර සංහිදියාව ඇති කිරිම වෙනුවෙන් කටයුතු කළ සුභූතිවංස හිමියන්ගේ අභාවයෙන් ප්‍රදේශවාසී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් සංවේගයට පත්විය. එහිමියන්ගේ අවසන් කටයුතු සඳහා ද එම සියලු ජන කොටස් එකතු වීම විශේෂත්වයකි.

අරිසිමලය ආරණ්‍ය සේනාසන සංචිතයේ යාන් ඔය රජ මහා විහාරස්ථානයේ බවුන් වඩමින් වැඩ විසූ සුභූතිවංස හිමිගේ අවමංගල උත්සවයට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සියලු දෙනා එක්වූ අතර දේහය චිතකය වෙත රැගෙන යාමේ දී බෞද්ධ කණ්ඩායම් මෙන් ම අන්‍ය ආගමික කණ්ඩායම් ද එකතු විය.

සුභූතිවංස හිමිගේ දේහය රැගෙන යන අතර ඇතැම් මුස්ලිම් සහ දෙමළ තරුණයින් හඬා වැටෙන අයුරු ද දැකගත හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස