සීල් තැබූ සීනි ගබඩාවේ යතුරු ජාවාරම්කාරයින්ට දීලා…! රජය භාරයට ගත් සීනි තොග ජාවාරම්කාරයෝ විකුණලා…!

September 25, 2021 at 10:18 pm | by emanisa.lk

පාරිභෝගික අධිකාරිය වැටලීම් කර සීල් තැබූ එඬේරමුල්ල සීනි ගබඩාව දින දෙකකට පසු කඩා සීනි තොග අලෙවි කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ අසේල සම්පත් පවසයි.

විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් අනුව පාරිභෝගික සේවා අධිකාරිය සමග ගොස් සීල් කළ ගබඩාවේ යතුරු අනතුරුව සීනි සමාගමට ගියේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ වංචාව පිටුපස ලක්ෂ ගණනක ගනුදෙනුවක් සිදුව ඇති බවත් පාරිභෝගික සේවා අධිකාරිය සතු යතුර නැවත සීනි ජාවාරම්කාරයින්ට ලබා දුන් නිලධාරීන් කවුදැයි රටට හෙළිදරව් කළ යුතු බවත් අසේල සම්පත් ප්‍රකාශ කරයි.

අද (25) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *