ආනයනික සීනි සඳහා කිලෝවකට ශත 25 ක බද්දක් අය කිරීම නිසා රජයට සිදු වූ පාඩුව පිළිබඳ වෝහාරික විගණනයක් කරන ලෙස සමගි ජන බලවේගය මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ වන විට රජයට බිලියන 15.9 ක පාඩුවක් විදිමට සිදුව ඇතැයි ගණන් බලා ඇති අතර සැබෑ පාඩුව ගණන් බැලීම සඳහා වෝහාරික විගණනයක් කරණ ලෙස ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා කීහ .
මීට අමතරව මෙම බදු අඩු කිරීමෙන් රජයට සිදු වූ පාඩුව පිළිබව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවද හර්ෂ ද සිලිවා කීය.
ඊට පෙර මෙම බදු සංශෝධනය කරන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.