සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා අත්අඩංගුවට…!

September 30, 2023 at 2:31 pm | by emanisa.lk

මහියංගණය පෙරහැරට රැගෙන යාමට ගෙන ආ සීතා ඇතින්නට වෙඩි තැබූ වන ජීවි නිලධාරියා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්ත ව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

අදාළ ඇතින්න වල් අලියෙකු යැයි සිතා රබර් උණ්ඩ යොදා වෙඩි තැබීම සිදුකර තිබේ. මෙම නිලධාරීන් පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට වල් අලින්ගෙන් සිදුවිය හැකි අනතුරු වැළැක්වීමට යොදවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *