වැලන්ටයින් දින (14) මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික පාසලක සිසු සිසුවියන් පිරිසකගේ බෑග් පරික්ෂා කිරීමේ දී හමු වූ චොකලට් තොගයක් එම පාසලේ ගුරුවරුන් රැගෙන කෑමට ගෙන ඇතැයි මවුපියෝ චෝදනා කරති.
එම ජාතික පාසලේ විදුහල්පතිවරයා වැලන්ටයින් දිනය නිමිත්තෙන් පාසලේ හය ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ බෑග් පරීක්ෂා කිරීමට තීරණය කර තිබේ.
එසේ සොයාගත් චොක්ලට් ඇතුළු භාණ්ඩ ගුරු විවේකාගාරයට රැගෙන ගොස් ඇති අතර ගුරුවරුන් පිරිසක් එම චොක්ලට් පෙට්ටි කෑමට ගෙන ඇත.
පසුදින (15) විදුහල්පතිවරයා වැලන්ටයින් තෑගි හමුවූ සිසු සිසුවියන්ගේ මවුපියන් පාසලට ගෙන්වා දැඩි ලෙස අවවාද කර තිබේ. එදින පාසලට පැමිණි මවුපියන් පිරිසක් සිසුන්ගෙන් ලබාගත් චොක්ලට් අනුභව කිරීම පිළිබඳව ගුරුවරුන්ට විරෝධය පළකර ඇත.