සියලු පාසල්වල ප්‍රාථමික පන්ති 25 වෙනිදා ඇරඹේ…!

October 22, 2021 at 8:13 pm | by emanisa.lk

දිවයින පුරා පිහිට රජයේ සියලු ම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබා දී තිබේ.

ඒ සඳහා අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අවසර හිමි වූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා පවසයි.

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල්හි ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය. ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ද ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී තිබේ.

මේ අතර රජයේ අනුමත පෞද්ගලික පාසල්, කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද ඊට සමගාමීව අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට තීරණය වී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *