සියලු නිර්පාක්ෂික අරගලකරුවන් සජිත් සමගයි..! – දමිතා..

September 18, 2024 at 2:42 pm | by emanisa.lk

අරගලයෙන් රටට ඉල්ලා සිටි අරමුණු දිනාගත හැකි නායකයා ලෙස තමා සජිත් ප්‍රේමදාස තෝරාගත් විට පිරිසක් තමන්ට සිනාසුනු බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

එදා නිර්පාක්ෂිකව අරගල සියලු අරගලකරුවන් මේ වන විට තමන් තෝරාගත් නායකයා සිය නායකයා ලෙස ද තෝරා ගැනීම පිළිබඳ සතුටු වන බවයි, ඇය සඳහන් කළේ.

හැඟීම්වලට ඉඩ දී රැල්ලට ගොස් රට අඳුරට නොදමන ලෙසත් රට නැවත ගිනි තබනවාද රට නිවා සැනසෙනවා ද යන තීන්දුර ඉදිරි ජනාධිපතිවරණයේ දී ගතයුතු බවත් දමිතා අබේරත්න අවධාරණය කරයි.

ඊයේ (18) සමගි ජනබලවේග කඩවත ජනරැලිය අමතමින් ඇය මේ බව කීවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *