සිංහල බෞද්ධ සංස්කෘතිය උපන් උතුම් පොසොන් පුරපසළොස්වක පොහොය අදයි!

June 5, 2020 at 9:05 am | by emanisa.lk

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්‌දිවට සම්බුද්ධ දර්ශනය වැඩම කරවූ උතුම් පොසොන් පෝය දිනය අදට (05) යෙදී ඇත.

ලොව අනෙකුත් සංස්‌කෘතීන්, ජාතීන් අතර සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක්‌, ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ බවට පත්වීමට මගපෑදූ ඒ උතුම් වූ බුදුදහම මෙරටට ලැබුණේ පොසොන් පොහෝ දිනකය. වංසකතාකරුවාට අනුව ක්‍රි.පූ. 3 වැනි ශතවර්ෂයේ මැදභාගයේදී මෙරටට වැඩම කළ මිහිඳු මාහිමියන් විසින් ඒ මාහැඟි දහම මෙරටට ගෙන එන ලදී.

එතැන් පටන් මෙරට රාජ්‍ය ආගම බුද්ධාගම විය. එවකට සිංහලයේ රජ කළ දේවානම්පියතිස්‌ස රජුත්, අමාත්‍ය මණ්‌ඩලයත් බුදුදහම පිළිගත් පසු මෙකී අලුත් දහම රට පුරා පැතිරයැම වඩා පහසු විය.

එවකට මෙරට තැනින් තැන විසිරී ගිය ආගමික කණ්‌ඩායම් කිහිපයක්‌ සිටි නමුත්, අලුත් ධර්මයට එරෙහිව නැඟී සිටීමට තරම් ක්‍රමවත්ව ලෙස සංවිධානය වූ කණ්‌ඩායමක්‌ නොවීය. බුදුදුහම තුළ අඩංගු වූ පිළිපැදිය යුතු වූ කරුණු එතෙක්‌ සිංහලයා පිළිපැද්ද ජීවන ප්‍රතිපදාවට නව මගකට යොමු කළේය.

බෞද්ධ භික්‌ෂුවගේ ආදර්ශවත් අපිස්‌ සිල්වත් දිවි පෙවෙත රජුගේ මෙන්ම ගැමියාගේ සිත් ප්‍රබෝධවත් කරන්නක්‌ විය. බුදුදහමෙන් ඉගැන්වුණු සදාචාරසම්පන්න හර පද්ධතිය නිදහස්‌ නිරවුල් දිවියකට මඟපෑදුවේය. එය ලොව මවිත කළ කලා නිර්මාණ හෙළයාගේ අතින් නිමකිරීමට මඟ පෑදුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස