සිංහරාජෙ මැද අක්කර පහේ වැව් දෙකක් බඳිනවා….! යට වෙන ගස් වෙන තැනක වවල දෙනවා…!- චමල් රාජපක්ෂ…

March 22, 2021 at 7:26 am | by emanisa.lk

අක්කර පහක් පමණ විශාල වැව් දෙකක් සිංහරාජ වනාන්තරය තුළ ඉදිකිරීමට කටයුතු සුදානම් කරමින් ඇතැයි අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරයි.

වලස්මුල්ල, තංගල්ල, බෙලිඅත්ත, වීරකැටිය ප්‍රදේශයවලට පිරිසිදු පානීය ජලය ගෙන යාම සඳහා ජලය එක්රැස් කරගැනීමට මෙම වැව් ඉදි කරන බව ද ඔහු පැවසීය.

සිංහරාජ වනාන්තරයේ මෙම වැව් ඉදිකිරීම් සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇමැතිවරයා කීය.

සිංහරාජය තුළ එම වැව් ඉදිකිරීමේදී යට වන ගස් වෙනුවට අක්කර පනහක් සීයක් පමණ ගස් සිටුවා සිංහරාජයට එකතු කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වීරකැටිය ප්‍රදේශයේ උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *