සැමියාට මනාපේ ඉල්ලු කාන්තිට ගුටි…!

October 26, 2024 at 5:50 pm | by emanisa.lk

සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්ව ගෙයින් ගෙට ගොස් අත්පත්‍රිකා බෙදමින් සිටි කාන්ති කොඩිකාර මහත්මියට පහරදීමේ සිදුව තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින උපාලි කොඩිකාර මහතාගේ බිරිඳ වන කාන්ති කොඩිකාර මහත්මිය මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදීය.

ප්‍රහාරයෙන් පසු කාන්ති කොඩිකාර මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර
පහරදුන් පුද්ගලයාව මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *