වන්නි මෙහෙයුමට සම්බන්ධ සියලු ම හමුදා නිලධාරීන් සාවද්‍ය යුද අපරාධ චෝදනාවලින් බේාගැනීම සඳහා නව නීතිරීති සම්මත කිරීමට රජය තීරණයකර ඇත.
දැනට ක‍්‍රියාත්මක නීතිරීති ප‍්‍රමාණවත් නොවන බව නීති අංශ රජයට දන්වා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මෙම නව නීතිරීති කඩිනමින් කෙටුම්පත්කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ.
මෙයට අමතරව බ්‍රිතාන්‍ය රජය හමුදා නිලධාරීන් බේරාගැනීම සඳහා පමණක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයුරින් ඊට සමාන පනතක් මෙරට ද කෙටුම්පත් කෙරේ. මෙම නව නීතිරීති යටතේ හමුදා නිලධාරීන් බොරු යුද අපරාධ චෝදනා නැඟීම ද තහනම් කෙරේ.