සාකච්ඡා අවසන් වන තුරු IMF ගිවිසුම දෙන්න බෑ..! – ජනාධිපති…

November 10, 2022 at 7:26 pm | by emanisa.lk

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසුව සාකච්ඡා කළ හැකි බව චීනය දන්වා ඇති බවය.

එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව මේ අවස්ථාවේ ඉදිරිපත්කළ නොහැකි බව ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසීය.

ඔහු ඉල්ලා සිටියේ අදාළ ගිවිසුම අයවැය යෝජනාවලියට පෙර ලබාදෙන ලෙසය.

මෙම සාකච්ඡා අවසන් වනතුරු මෙම ගිවිසුම නිකුත් නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *