ස්වර්ණවාහිනි ඩයස්පෝරා අයිතිකාරයෝ සේවක එකමුතුව හමුවේ දණ ගසයි! ඉවත් කළ සේවකයන් නැවත සේවයේ පිහිටුවීමට සහ අලුත් CEO ඉවත් කිරීමට එකඟ වෙයි!

March 20, 2019 at 6:54 pm | by admin

වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත්, එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි මහේන් පෙරේරා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී තිබේ.

එම ආයතනයේ වෘත්තීය සමිති නියෝජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය සඳහන් කර ඇති අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *