ස්වයං පාලනය නොදුන්නොත් ජාත්‍යන්තර සහයෙන් ඊළම පිහිටුවනවා..! – TNA

February 22, 2021 at 3:57 pm | by emanisa.lk

දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය තහවුරු වන ලෙස දේශපාලන විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට බල කිරීමට සිදුවන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානය මේ බව සඳහන් කර සිටියේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ දී ය.

නව ව්‍යවස්ථාව මගින් උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසඳුමක් බලාපොරොත්තු වන බව ද දෙමළ සන්ධානය සඳහන් කර තිබේ.

දෙමළ සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් එම කමිටුව හමුවේ මෙම අදහස් පළ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස