ස්ටාලින් එක්ක ගුරුවරියන්ගේ සාරිපොටේ එල්ලෙන්න අපි ලෑස්ති නෑ…! – මහින්ද ජයසිංහ…

November 8, 2022 at 5:11 pm | by emanisa.lk

ගුරුවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයක පැටලී ඇති අවස්ථාවක ගුරුවරියන්ගේ සාරි පොටේ එල්ලීමට තමන් සූදානම් නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ගුරුවරුන්ට වසර 25ක වැටුප් ගැටලුවක්, ස්ථාන මාරුවීම් ගැටලු, ජීවත් වීමේ ගැටලු ආදී බොහෝ ගැටලු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

විදුහල්පතිවරුන්ට උසස් වීම් සහ වැටුප් පිළිබඳ ගැටලු ඇතැයි ද මහින්ද ජයසිංහ සඳහන් කරයි.

එවැනි ප්‍රශ්න මැද ගුරුවරියන්ගේ සාරි පොටක එල්ලීම විහිළුවක් බවයි, මහින්ද ජයසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *