සහල් ටොන් 60, 000ක් වහා ම ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇත.
මෙම සහල් තොගය ශ්‍රී ලංකා පාකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පාකිස්ථානයෙන් ගෙන ඒමට නියමිතය.
වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත.
අතරමැදි සහල් ව්‍යාපාරිකයින් මෝල් හිමියන් ලෙස පෙනී සිටිමින් වී තොග මිලට ගෙන අත්තනෝමතික ලෙස මිල ඉහළ නැංවීමේ සූදානමක් පිළිබඳ පසුගියදා අනාවරණ වී තිබිණී.