සහරාන්ගේ නීතිඥයා නීතිඥයා මෛත්‍රී ගුණරත්න! මෙවර සමගි බලෙන මැතිවරණයට!

July 23, 2020 at 8:57 pm | by emanisa.lk

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිට ඇති බව අද පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

නැඟෙනහිර පළාතේ සේවය කරන රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු දෙවන දිනටත් සාක්ෂි දෙමින් අද (23) මෙම කරුණු ප්‍රකාශ කළේය.

2017 මාර්තු 10 වෙනිදා සහරාන් කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් අතර කාන්තන්කුඩියේ දී ගැටුමකට හටගෙන තිබේ.

මෙම ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවති අතර සහරාන් හෂීම් පාර්ශ්වය වෙනුවෙන් එහිදී නීතීඥයා ලෙස පෙනී සිට ඇත්තේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නය.

මෛත්‍රීි ගුණරත්න කොළඹ සිට අදාළ නඩුව වෙනුවෙන් කැඳවා ගෙන ගොස් ඇත්තේ සහරාන් හෂීම්ගේ බිරිඳගේ සොහොයුරා වන අන්වර් විසිනි.

මෛත්‍රී ගුණරත්න පසුගිය ආණ්ඩුව සමයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ අතර මේ වන විට සමගි ජනබලවේගය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස