සල්ලි අච්චු ගැසීමේ වාර්තාව නන්දලාල් දිනා ගත්තා…! – ගම්මන්පිල…

November 17, 2022 at 8:10 pm | by emanisa.lk

ආර්ථික අර්බුදය උග්‍ර වූයේ දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා යැයි වර්තමාන මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සිය ධූරය භාර ගනිමින් ප්‍රකාශ කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

එසේ කියූ නන්දලාල්, ඉතිහාසයේ වැඩි ම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහ බැංකු අධිපතිවරයා බවට පත්ව ඇතැයි ද හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඔහු දිනකට රු. බිලියන 3.7ක මුදලක් අච්චු ගසා ඇතැයි ද එය අජිත් නිවාඩ් කබ්රාල්ගේ දෛනික මුදල් අච්චු ගැසීමට වඩා 55%ක වැඩි වීමක් බව ද හෙතෙම කීය.

ආණ්ඩුව සහ මහ බැංකු අධිපතිවරයා ණය ගැනීමට ඇබ්බැහි වී ඇති හෙයින් කන්දකාඩු පුනරුත්ථාපනය මධ්‍යස්ථානය වෙත යවා පුනරුත්ථාපනය කළ යුතු බවයි, උදය ගම්මන්පිල වැඩි දුරට් ප්‍රකාශ කළේ.

අද (17) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *