ඊළඟ ඡන්දෙට කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තොත් රට ම ඉවරයි…! – රංගේබණ්ඩාර…

September 27, 2021 at 5:07 pm | by emanisa.lk

ඉදිරි මැතිවරණයක දී රට කැහි ගෑනිගෙන් ගෙන හොටු ගෑනිට දී පලක් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි.

රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයි ද එජාප මහ ලේකම්වරයා අවධාරණය කරයි.

ආණ්ඩුවේ ඉවක් බවක් නැති මුදල් අච්චු ගැසීමේ කාර්යභාරය අවසන් වන්නේ තීන්ත සහ කොළ අවසන් වූ දාට බව පවස රංගේබණ්ඩාර, තව වැඩි දවසක් යන්නට පෙර ජනතාවට ආහාර නැතිව මුදල් කොළ ආහාරයට ගන්නට සිදුවනු ඇතැයි ද කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී පාලිත රංගේබණ්ඩාර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස