සරත් ෆොන්සේකාට පොහොට්ටුවේ සැලුන් දොර හැමදාම විවෘතයි…! – නාමල්…

February 20, 2024 at 7:12 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර සිය ප්‍රතිපත්ති සමග එකඟ වන ඕනෑම අයෙකුට විවෘත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ වසර 45ක් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහට ද එම සැලුන් දොර හැරුණු බවයි.

එසේ නම් මහින්ද රාජපක්ෂ සමග ජීවිතය පරදුවට තබා යුද ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සරත් ෆොන්සේකාට එම දොර හැමදාම විවෘත බවයි, නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20) කොටුව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *