සරත් වීරසේකරට කැබිනට් වරම්! අශෝකට රාජ්‍ය ඇමැති ධුරයක්!

November 8, 2020 at 9:05 am | by emanisa.lk

පසුගිය මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබාගත් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඉදිරි දිනවල දී දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු කැබිනට් ඇමැති ධුරයට පත්වීමෙන් පුරප්පාඩු වන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත පත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කරයි.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 28ක් වන අතර පත්කළ හැකි උපරිම කැබිනට් අමාත්‍යවරුන් ගණන 30කි. රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් පත්කළ හැකි අතර නව පත්වීමත් සමඟ එම සංඛ්‍යාව ද සම්පූර්ණ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස