සමෘද්ධිලාභීන් 40%ක් ලක්ෂපති…! – ලෝක බැංකුවෙන් අනාවරණයක්…

January 12, 2023 at 2:43 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් සියයට හතළිහකට ආසන්න පිරිසක් සමෘද්ධිය ලැබීමට නුසුදුසු ඇති හැකි අය බව ලෝක බැංකු සමීක්ෂණයක දී හෙළි වී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

නුසුදුසු පුද්ගලයන්ට සමෘද්ධි දීමනාව ලබා දී මඩිය තර කර ගන්නා දූෂිත නිලධාරීන් පිරිසක් ද රටේ සිටින බව සඳහන් කරන එම කමිටුව මෙම දීමනා විනිවිදභාවයකින් යුතුව ගෙවීම සඳහා නිවැරදි දත්ත සහිත ලේඛනයක් පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

නිවැරදි ලේඛනයක් සකස් කිරීමට දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය මතුව ඇතැයිද සඳහන් විය.

එය දඬුවමකට යටත් කළ හැකි වරදක් බව පැවසූ කමිටුව නිවැරදි දත්ත ලේඛනයක් පවත්වාගෙන යෑම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක්ද වන හෙයින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් බව ප්‍රකාශ කළේය.

මේ තොරතුරු අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *