පාස්කු ඉරුදින ප්‍රහාරයක් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.
මෙම බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව මෙම සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සමාජජාලා තහනම බොහෝ දෙනාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.