මේ වන විට සමාජමාධ්‍ය ජාල තුළ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති මෝටර් රථයක යුවලක් අශෝභන ලෙස හැසිරෙන ආකාරය පටිගත කර මුදා හැර ඇති වීඩියෝ පටය ගැන කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
කොල්ලුපිටිය පොලිසිය පවසන පරිදි එම රථය පසුගිය 31 වන දින රාත්‍රීයේ එම ස්ථානයට පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන්ව ඇත. මෝටර් රථය එම ස්ථානයේ පැය කීපයක් නතර කර තිබී ඇති අතර පිරිමින් 3 දෙනාගෙන් දෙදෙනෙක් මුලින් රථයෙ බැස ගොස් ඇත ඉන් අනතුරුව ඔවුන් මාරුවෙන් මාරුවට රථයට පැමිණි අයුරු සහ රථයෙ සිටිනා කෙනා පිට වී යන අයුරු අසල පිහිටි CCTV කැමරාවල සටහන් වී ඇත.
එක් අවස්ථාවක එක් පුද්ගලයෙක් ජංගම දුරකථනයෙන් අවට ප්‍රදේශය සහ මෝටර් රථය වීඩියෝ කරන අයුරු CCTVවල සටහන්ව ඇති බවත් මුදා හැරීමෙ අරමුණ ඇතිව පටිගත කර ඇති බවත් පෙනී යන බවත් ලිංගික ක්‍රියාකාරකම් සිදුකර පටිගත කර බෙදාහැරීම ශ්‍රී ලංකව තුල අපරාධමය වරදක් නිසා අපරාකරුවන් හඳුනා ගැනීමට පොලීසිය පරීක්ෂණ කටයුතු කරන බවත් වාර්තා වෙයි.
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුව එම මොටර් රථය පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ විකල්ප පක්ෂයක අපේක්ෂකයෙක් මෙන්ම විකල්ප මාධ්‍යවේදියෙකුට අයත් බව හඳුනා ගෙන ඇත. රථයේ හිමිකරුට හෙට දිනයේ කොල්ලුපිටිය පොලීසියට පැමිණෙන ලෙස දන්වා ඇත.