සමාගම් හතර ම තත්ත්ව පරික්ෂාවෙන් අසමත්….! පිළිකාකාරක පොල් තෙල් තොග ප්‍රති-අපනයනයට නියෝග….!

March 29, 2021 at 12:53 pm | by emanisa.lk

තවත් සමාගම් තුනකින් ආනයනය කළ පොල්තෙල් දෙවැනි තත්ත්ව පරීක්ෂණයෙන් ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා මෙම පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්‍ෂණයක් සඳහා යොමු කළ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරියෙක් කීය.

සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් පෙර දිනයේ දී තවත් සමාගමක ද දෙවැනි සම්පලයත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් ඔහු සඳහන් කළේය.

අදාළ ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොග ප්‍රති-අපනයන කරන ලෙස රේගුවට උපදෙස් දී ඇති බවත් හෙතෙම කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *