ඉලුප්පකුලම් බොරළුකන්ද රජ මහා විහාර භූමිය ශුද්ධ කිරීම සහ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට ත්රිකුණාමල කඩවත් හතර ප්රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.
දෙමළ ජනතා සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ගේ නියෝග පරිදි මෙම තීන්දුව ගෙන තිබේ.
විහාරයේ ඉදිකිරීම් සඳහා අවට ජනතාව දැඩි ලෙස විරුද්ධ බව ප්රකාශ කරමින් සම්බන්ධන් සහ ආණ්ඩුකාර තොණ්ඩමන් අදාළ නියෝග නිකුත් කර තිබේ.