සමස්ත උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්…! ආහාර කාණ්ඩයේ උද්ධමනය 2.5%යි…!

July 21, 2023 at 3:33 pm | by emanisa.lk

2023 මැයි මස 22.1 % ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ජුනි මාසය සඳහා 10.8%ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

අද (21) වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මැයි මස 15.8 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජුනි මස සඳහා 2.5 %ක් දක්වා පහත වැටී ඇති බවයි.

එමෙන්ම, මැයි මාසයේ දී 27.6%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ද ජුනි මාසයේ දී 18.3%ක් ලෙස සැලකිය යුතු අගයකින් පහත වැටී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *