සමගි ජන බලවේගයේ හීන්දෑරි උන්නාන්සේ මේ වන විට කතෝලික සභාව ද දෙකඩ කරන කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.
තරුණයින් යටකර පළා ගොස් වෙනත් රියදුරෙකු දමා අවසානයේ ඔහු ද ඝාතනයට සැලසුම් කළ මෙම පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව ද මඩ අවලාද ව්‍යාපාරයක් දියත්කර ඇතැයි ඩිලාන් පෙරේරා කියයි.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සාර්ථක ලෙස පරීක්ෂණ සිදුකරන පසුබිමක හිටපු නීතිපතිවරයා සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගෙන කාදිනල්තුමා සිරකර අනතුරුව කතෝලික සභාව කැබලි කිරීම සඳහා මෙම සැලසුම දියත් කර ඇතැයි ද ඔහු අනාවරණය කරයි.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ ආණ්ඩුවේ මතය යැයි සමාජගත කිරීමට ඇතැමුන් කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.